මේ මොකද වෙලා තියෙන්නේ ?

Filed Under (වර්ගීකරණය නොකළ) by chrishi on 11-12-2009

myblog

කඳුලු බිඳුවක සිට සතුටු සිනා රැල් දක්වා

Filed Under (ආද‍රය, කඳුලු) by chrishi on 11-12-2009

ඔබේ දෙනෙතේ කඳුලු බිඳුවක්
දකින්නට මා ඇස් අගින්
පවක් කර ඇත කවරදාහෝ
නොදැනුවත්වම මා අතින්
අදින් පසුදා සිදු නොවන්නට
එවන් වරදක් කිසි ලෙසින්
තරහා අවසර පතමි මම ඔබෙ
මුවින් නොව ඔබගේ සිතින්


සිහිනයයි ඔබ මගෙ දිවියේ
කෙදිනකදි හෝ ඉටුවෙනා
ප්රේමයයි ඔබ මගේ හදවතේ
නොනිවි සැමදා දැල්වෙනා
ජීවයයි ඔබ මගෙ සිරුරේ
සියළු රිද්මය හඳුනනා
ඔබම පමණයි ජීවිතේ
සතුටු සිනා රැල් පුබුදනා

tear

මාගේ දැඩි විරොධතාවය !!

Filed Under (වර්ගීකරණය නොකළ) by chrishi on 16-11-2009

බ්ලොග් කරුවන්ට අමිල සේවයක් කරන ලද සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය සඳහා bestweb.lk තරඟයවෙනුවෙන් මාගේ විරෝධතාව මෙසේ සටහන් කරනු ලබයි. මා මෙන්ම සියලුම බ්ලොග් කරුවන්ද තමන්ගේ බ්ලොග් අඩවියෙ තම විරෝධතාව ප්‍රකාශ කරණු ඇතැයි බලාපොරොත්තු වෙමි.

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb

thanx goes to අළුත් ගෙද‍ර

මේ දවස් වල

Filed Under (googlewave, ගූගල්වේව්, ජාවා) by chrishi on 16-11-2009

Tagged Under : , , ,

මටත් ගූගල් වේව් හම්බ වුණා. wavesandbox account 2කුයි ගූගල් වේව් එකකුයි. ගූගල්වේව් එක නම් හම්බ වුනේ බිංකු මල්ලිගේ invitation එකකින්. ඔන්න ඒකට තෑන්ක්ස් කිව්වා. wavesandbox account වලයි googlewave account වලයි වෙනස නම් තාම තේරෙන්නේ නෑ. හැමොම කියන හින්දා ඉල්ලුවා මිසක් විශේෂ වැඩකට නෙමේ request එකක් යැව්වේ. මේ දවස් වල පොඩ්ඩක් එකෙන් ක‍්රන්න පුලුවන් වැඩ ගැන බලනවා. තාම ඉතින් වේව් netbeans support ක‍රන්නේ නෑනේ. විහිළුවට වගේ eclipse දාගෙන බැලුවා. දන්න ජාවාත් අම්තක උනා එක දැක්කම. එත් ඉතින් කොහොම හ‍රි එකත් ඉගෙන ගන්න වෙනවා. දැනට ඉතින් එච්ච‍රයි.

ආ… තව එකක්

කවි ලියන එක්කෙනෙක්ව බ්ලොග් අවකාශයට එක්කගෙන ආවා. මෙන්න මෙතනින් ගිහින් බලන්න. තවත් එක්කෙනෙක්ට අද facebook එකේදී බ්ලොග් ගැන කියලා දුන්නා. පස්සේ බලද්දී එයා offline ගිහිල්ලා. මොනා ක‍ර ගත්තද දන්නේ නෑ.
kawi

ඔන්න එහෙනං අපි කැපුණා.
ජය වේවා !!

Lie To ME සහ කාවින්ද්‍යා

Filed Under (වර්ගීකරණය නොකළ) by chrishi on 30-08-2009

Tagged Under : , , , ,

LIE TO ME

මේක මම ලඟදි බලපු TV Series එක. Alias , 24 වගේ මේකත් ඇමරිකාවේ මධ්‍යම බුද්ධි කාර්යංශය(CIA) හා සම්බන්ධ කතා මාලාවක්. හැබැයි මේ කතාවේ ප්‍රධාන තේමාව වෙන්නෙ රහස් පරීක්ශක කටයුතු වලට වඩා විශේෂ වූ වෙනත් කාරනාවක්. එක තමා ක්ෂුද්‍ර භාව ප්‍රකාශන(Micro Expression). මෙහි ප්‍රධාන චරිතය වන Dr. Cal Lightman (Tim Roth) ක්ෂුද්‍ර භාව ප්‍රකාශනවල ඉහලටම පැමිණි විද්වතෙක්. ඔහු ක්ෂුද්‍ර භාව ප්‍රකාශන මගින් මිනිසුන්ට සේවය සපයන තමාගේම පුද්ගලික ව්‍යාපාරයක් පවත්වගෙන යනවා. මෙතැනදි ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ යම් පුද්ගලයෙක් පවසන දෙයෙහි සත්‍යාසත්ය භාවය නිරීක්ශනය කිරීමයි
.

දැන් බලමු මේක මාතෘකාවට සම්බන්ධ වෙන හැටි !!

කවින්ද්යා නංගිගේ සිද්ධිය ගැන එක එක කට කතා ගොඩාක් පැතිරුනා. එත් එයාගෙ පාසලේ කවුරුවත්ම නෙමෙයි කටක් වත් හෙල්ලුවේ ඒ ගැන. එත් පත්තර වලින් කතාකරපු වෙලාවට උත්තර දුන්නු හැටියට මේකෙ කොහෙ හරි කොස්සක් තියනවා කියලා හිතනවා. නමුත් තාම පොලිස් පරීක්ෂන වලට මොනවද වුනේ කියල කවුරුත්ම කියන්නේ නෑ. ඔක්කොගෙම කටවල් වැහුනා. අධ්‍යාපන ලේකම් තුමා කිව්ව විදියට මේකෙ ඇතුලෙ වෙන දේවල් වලට අත දාන්න අමාත්‍යංශයටවත් අයිතියක් නෑ. මේ පාසලේ සිදුවන සිද්ධියකට වග කියන පුද්ගලයෙක් නෑ කියලා තමයි දැන් තියන තත්ත්වය අනුව පේන්න තියෙන්නේ. ඇත්තටම මියුසියස් විද්‍යලයේ අයිතිය තියෙන්නේ කාටද ? ඇයි මේ ගොල්ලො මේ සිද්ධිය වහන්න හදන්නේ ?

එතකොට තමා මම ඉස්සෙල්ලා කිව්ව එක වැදගත් වෙන්නේ. මොකද පැහැදිවම පෙනෙනවා මෙතන මොකක් හරි දෙයක් හංගනවා කියලා. පිටින් සාක්ෂි මුකුත් නෑ. පාසලේ ගුරුවරු කිහිපදෙනා විතරයි සත්‍ය සිද්ධිය දන්නේ.
ඒ හින්දා මෙගොල්ලන්ට සාක්ෂි නැතිකම නිසා බොහෝම පහසුවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි සාමාන්‍යය පොලිස් පරීක්ෂණයකට වඩා වෙනස් ආකාරයෙන් මේක සිදු කල යුතු වන්නේ. එතැනදී වඩාත්ම සුදුසු මෙවැනි ආකාරයේ ප්‍රවේශයක් ගන්න එක. තියන සාක්ෂි ඔක්කොම පාසැලේ බලපෑමට යටත් වෙලා තියන හින්දා. ඒ හින්දා ඔවුන් කියන දේවල් සාක්ෂි පිලිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා ඇත්තටම ඒ ඇත්තද කියන්නෙ කියලා. ක්ෂුද්‍ර ප්‍රකාශන මගින් ඒ පිලිබඳව පැහැදිලි කරගන්න පුලුවන්.

හැබැයි ඉතින් අපි මතක තියා ගන්න ඕනේ මේක තාම ලංකාව. එහෙව් එකේ මෙහෙම දෙයක් වුනොත් ඉතින් ප්‍රාතිහර්යයක්ම තමයි.

Lie To ME

Lie To ME

මේ කතාව නම් ඉතින් බලන්න වටිනවා. මම නම් ඉතින් ටොරන්ට් කරල තමයි බැලුවේ. ඔන්න බලන්න ඕනෙ අයට බාගන්න.

කාලෙකට පස්සෙ !

Filed Under (EE, ජාවා, වර්ගීකරණය නොකළ) by chrishi on 20-07-2009

Tagged Under : , , ,

පහුගිය දවස් ටිකෙම පොඩ්ඩක් වැඩ තිබුනා. ඒත් ඉතින් ටිකක් දන්න කට්ටිය නම් කියන්නේ “මොන වැඩද ? කොයි වෙලේ බැලුවත් මුහුණු පොතේ ” කියලා !! ඒත් ඉතින් දන්න කට්ටිය දන්නවා ඒකෙ ඉන්නවා කියලා පෙනුනට මම මෙහෙ වෙන වැඩ කියලා.
කොහොම කොහොම හරි ජාවා SCJP වැඩ ටික කරගෙන ගියා. දැන් තියෙන්නෙ විභාගේ ගන්න තමයි. ඒත් එක්කම Java EE කරන්නත් පටන් ගත්තා. ඒකෙ ව්‍යාපෘතිය හැටියට මොනාද කරන්නෙ කියලා හිත හිත ඉන්නකොට තමා මෙන්න මේ අදහස ආවේ. පොඩ්ඩක් ටැස්ට් කරන්න බලාගෙන බ්ලොග් එකක වැඩේ පටාන් ගත්තා. ලාවට විතර වැඩේ නැගලා යනවා. හරියටම හරියනවා වගේ නම් හරියටම කරන්න ඉන්නේ. මොකද ඉතින් අපේ ගුරා කියන හැටියට EE කරනවා නම් e-commerce වෙන්න ඔනේ ලූ !! ඉතින් කස්ටිය එන්න එපායැ e-commerce වෙන්න. නැතුව ඉතින් කොහොමද ලාබ ලබන්නේ !!

මගේ EE වැඩේ කොහොමද කියල පොඩ්ඩක් බලන්නකො !! මේක සින්ඩියට දාන්න හැදුවම සිංහල අන්තර්ගතය මදි කියලා කිව්වා. හැබැයි ඉතින් එතකොට ලිපි එකයි තිබ්බේ. ආයි පාරක් අයදුම් කරලා බලන්න ඔනේ තව ලිපි කිහිපයක් ලියුවට පස්සේ. මෙතනදි බින්කු අයියාව (මුලින්ම අයියා කියන්න පටන්ගත්තට බලාගෙන යද්දි පස්සෙ තමයි තේරුනෙ මල්ලි කෙනෙක් කියලා !! හැබැයි තාම sure නෑ) මතක් කරන්න ඔනේ. එයා තමයි මුලින්ම බලලා ගුණ දොස් කිව්වෙ. හෙඩිමට දෙමළ එකතු කරන්න උදව් කරෙත් එයාම තමයි. ! ඔන්න කරපු උදව් ඔක්කොටම තැන්කූ කිව්වා !

කොච්චර වෙලා නැතුව හිටියත් කොහොම කොහොම හරි සින්ඩියේ තියෙන ඔක්කොම ටික වගේ කියෙව්වා. අපේ ඇන්ත්‍රැක්ස් අයියගෙ කතා කියෙව්වම ලිනක්ස් දාගන්නම තමයි හිත. එත් ඉතින් එක පාරක් උබුන්ටු දාගෙන කෙල කරගත්ත හින්දා පොඩ්ඩක් බයයි බයයි වගේ. මොකද උබුන්ටු දාලා ඊට පස්සේ අයින් කරන්න ගියාම මගේ මැෂිමේ මගේ කියලා තිබ්බ සබ්බ සකලමනා ඔක්කොමත් එක්ක පාටිශන් එකක්ම අතුරුදහන් උනා. කොහොම හරි කරලා පොඩි මැෂිමක් ගන්න ඔනේ උබුන්ටු දාලා වැඩ කරන්න ගන්න.

හ්ම්ම් එහෙනම් අදට ඇති. මට වුණ කතා වගයකුත් තියනවා ඒවත් එක්ක පස්සෙ හම්බවෙමු.

RSS කියන්නෙ මොකක්ද ??

Filed Under (වර්ගීකරණය නොකළ) by chrishi on 24-06-2009

Tagged Under : , , ,

RSS කියන්නෙ මොකක්ද ??  එක හදාගන්නෙ කොහොමද කියල කාටහරි පොඩි උපදෙසක් ලබා දෙන්න පුලුවන්ද ???

අපි දිනුම් !!!!

Filed Under (යුද්ධය, සාමය) by chrishi on 18-05-2009

Tagged Under : , , ,

අපි දිනුම් !!!! මෙතන අපි කිව්වෙ ශ්‍රී ලාංකිකයන් ඔක්කොම. 4 වන ඊලාම් යුද්ධයේදී මියගිය 10000 ක් පමණ වන වීරෝධාර රණ විරුවන්ට ප්‍රණාමයක් වශයෙන් බට්ටො 10ක්ම පත්තු කරල ඔවුන්ට උපහාර පිදුවා.

දැන් ඉතින් නිවහල් ජාතියක් විදිහට ඉතා ඉක්මනට නැවත ලෝකයා හමුවට යාමට හැකිවෙතැයි කියා ප්‍රාර්ථනා කරමු………!!!!!!!!!!!!!!!!!!!!

Sri Lanka

ඔන්න මමත් සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා !!

Filed Under (වර්ගීකරණය නොකළ) by chrishi on 03-05-2009

Tagged Under :

අපේ සහොදරයින්ගේ සිංහල බ්ලොග් කියව කියව ඉද්දී මටත් හිතුනා බ්ලොග් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා. එත් වැඩෙට හරි වෙලවක් සෙට් වුණේ නෑ !! ඔන්න ඉතින් හා හා පුරා කියලා වඩේ පටන් ගත්තා.
මම මුලින්ම සිංහල බ්ලොග් කියෙව්වේ බින්කු අයියගෙ බ්ලොග් එකෙන්. එකත් මුහුණු පොත මාර්ගයෙන් තමයි. ඒ කාලෙම මට බ්ලොග් එකක් පටන් ගන්න හිතුනත් වැඩේ කල් ගියා. මගෙ Teenage ඉවර වෙනකොට පටන් ගන්නවයි කියල හිතුවට එක ඉවර වෙලා මාස 2යි දවස් 2කට පස්සේ තමයි වැඩේ පටන් ගන්න ලැබුනේ.

කොහොමහරි ඔන්න වැඩේ පටන් ගත්තා. බලමු ඉස්සරහට මොනවද කරන්නේ කියල. හැබයි ඉතින් අපේ ගෙදර විධායකය දැන ගත්තොත් වැඩේ දෙල් වෙනවා. මොකද චක්‍රලේකයක් මගින් දැනුම් දීලා තියෙන්නෙ රටේ වර්තමාන දෙවල් ගැන ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න කියලා. !!!!!!
එහෙනන් මම කැපුනා ජය වේවා…. !!!!